IIFA - International Indian Film Academy Awards :(

ඔවුන් තරු බවට පත් වූයේ කෙසේද?

ඔවුන්ගේ සිනමාව කෝටි ප්‍රකෝටි ගණන් ධනය ගැවසෙන ස්ථානයක් වූයේ කෙසේද?
කොටින්ම ඔවුන්ගේ චිත්‍රපටි කර්මාන්තය ඔවුන් කියන පරිදි දියුණු වූයේ කෙසේද?
ඒ ඔවුන්ගේ චිත්‍රපටි නරඹන අතලොස්සක් වූ (මට හිතෙන විදියට ඒ ප්‍රතිශතය සියට 0.01ටත් වඩා අඩු විය යුතුය) කෝටි පතියන් නිසාද?

නැත.

ඒ. ආර්. රහුමාන්ලා, මනී රත්නම් ලා, ෂා රුක් ඛාන්ලා, අයිශ්වර් යා රායි ලා ලෝක ප්‍රසිද්ධ වූයේත්, අන්තර්ජාතික සම්භාවනාවට පාත්‍ර වූයේත්, ප්‍රකෝටිපතියන් පතිනියන් බවට පත් වූයේත් (කොටින්ම තරු බවට පත් කළේ) අමාරුවෙන් හම්බ කරගත් රුපියල් 20ක් 30ක් වැය කර පෝළිම් වල රස්තියාදු වී, අව්වේ කරවී, වැස්සේ තෙමී, පොඩි චොප්ප වී චිත්‍ර පටි හෝල් වල චිත්‍ර පටි බැලූ දුප්පත් හෝ මධ්‍යම පාන්තික ජනතාවට පින් සිද්ධ වන්නටය.

එහෙවු මුලක් සහිත බොලිවුඩය අයි. අයි. එෆ්. ඒ. සම්මාන උලෙල පවත් වන්නෙ ශ්‍රී ලංකාවේය. ලංකාවේ අපිත් හින්දි චිත්‍රපටි වලට හොඳ වෙළඳපොළක් නිසා කමක් නැතැයි කියමු. ඒත් කොහොමද ටිකට් එකක ගාණ? ඇතැම් ඒවා ලක්ෂ 3කට වැඩිය. තවත් ටිකට් එකක් ලක්ෂ 11කටත් වැඩිය. ඕනෙමනම් රුපියල් 500ක් හෝ 750ක් දී සුගතදාස ස්ටේඩියම් එකේ පුළුල් තිරයක එම අවස්ථාව නැරඹීමට හැකි බවද කිය වේ.

තුඃ නොදකිං!

පුදුම ඛේදයකි!

මටනම් හිතෙන විදියට මේක රසික ජනතාව වෙනුවෙන් තියන එකක් නෙමෙයි.එකේක බල පුළුවන් කාරයන්ගේ මහන්තත්තකම් ලෝකෙට ප්‍රදර්ශනය කරන්න දාගත්තු විකාරයක්. දෙමළ ජනතාවගේ කතාවක් ඇද බාලා මනී රත්නම් කිවුවලු ලංකාවට යන එක වර්ජනය කරන්න ඕනෙ කියලා.අනේ හැබෑට තමන්ගේ බඩ වඩා ගන්න උදවු කරන අහින්සක ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් කතා නොකර මේ මිනිස්සු වෙන වෙන මාර්කට් කරන්න පුළුවන් දේවල් දඩ මීමා කරගෙන ප්‍රතිරූප ගොඩනගා ගන්න දඟලන හැටි.ඊට වඩා හොඳ නැද්ද තමන්ගේ රසිකයො වෙනුවෙන් කතා කළා නම්.

තමන්ට කවදාවත් කරගන්න බැරි තරම් ලොකු දේවල් කරන අනුන්ගේ පුරාජේරුවත් තමන්ගේ වගේ කීමෙන් ගොඩාක් මිනිස්සු රස විඳින වග පේනවා.තමන්ට බැරි නිසා ඒකත් කමක් නෑ කියමුකො.ඒත් අර තක්කඩියො ටික බොර දියේ මාළු බානවා වගේ මේ අහින්සක මිනිස්සුන්වම මුලාවෙ දාලා උන්ව හූරන් කාලා වෙන කාටවත් ආවඩන කොට මගේ කට නිකං කසනවා වගේ වුනා.හිතට ආපු වේගය කොහෙට හරි මුදා හරින්නයි මට ඕනෑ වුනේ.දැන් නම් ටිකක් හිතට හොඳයි වගේ.

හැමදාමත් ඉතින් නැති බැරි එකාටම තමා කෙළවෙන්නේ.සල්ලි තියන මිනිස්සුන්ට ආගම ප්‍රශ්නෙකුත් නෑ, ජාතිය ප්‍රශ්නෙකුත් නෑ, කුලේ ප්‍රශ්නෙකුත් නෑ.සල්ලි නැති මිනිස්සුන්ට තමා ඔක්කොම ගැටි.ඒ වුනාට මේ වගේ වැඩ වලට සම්බන්ධ ගොඩාක් අය අවිහින්සාවාදී, ධානපති, ලෝ ප්‍රකට සමාජ සේවකයෝ.එක අතකට මේ වගේ තක්කඩි ක්‍රම වලින් හොයන සල්ලි වලින් කරන සමාජ සේවෙ මොකටද?අනම් මනම් බොරු සේවෙ නැතුව තමන් සම්බන්ධ වෙලා ඉන්න කලාව බහුතරයගේ හිත සුව පිණිස කරලා කෝටිපතියෝ වුනා නම් අවුලක් නෑනේ.ඔය එහෙම මිනිස්සුත් ඉන්නෙ.

තණ්හාව...තණ්හාව...!