පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, අමුතු කතා සහ එකේක හැඳි

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කාලයෙන් කාලයට ලංකාවේ උණුසුම ඉහළ නංවන මාතෘකාවකි.ඕනෑම දෙයක් කිරීමේදී ඒ හා බැඳී පවතින ගුණ අගුණ පවතියි. පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳවද මෙම කරුණ සත්‍ය වේ.එහෙත් බොහෝවිට ප්‍රචාරණය පහසු වන බිම් මට්ටමේ පුද්ගලයන් සිටිනුයේ විරුද්ධ පැත්තේ නිසා බොහෝවිට සාමාන්‍ය ජනතාවට දැනගැනීමට ලැබෙන්නේ එහි නුගුණම පමණකි.

නජච්චා වසලෝ හෝතී නජච්චා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝහෝතී කම්මනා හෝති බ්‍රාහ්මණෝ

යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. කරුණු කාරණා එසේ වුවද ලංකාවේත් ඉන්දියාවේත් කුල භේදය පදනම් කරගෙන මිනිසුන් පීඩාවට පත්කිරීම නම් තවමත් නැවතී නැති හැඩකි.රට පාළනය කළ පිරිස සිය කාර්‍රයේ ස්වභාවය අනුව ක්ෂත්‍රීය නම් වූහ. ඔවුනට උපදෙස් දෙමින් ආගම ඉගැන්වූවෝ බ්‍රාහ්මණ විය. වෙලඳාම් කළෝ සිය රැකියාව අනුව වෛශ්‍ය විය. ඊටත් පහළ අය චන්ඩාල, ක්ෂුද්‍ර ආදී ලෙස පුරාණ ඉන්දියාවේ මූලික මිනිස් අයිතියක් වත් නොමැතිව නරා දුක් වින්දහ.අද අපි උජාරුවෙන් කතා කරන ශ්‍රේෂ්ඨ ඉන්දියාවේ ව්‍යවස්ථාව සැකසීමට මූලිකව කටයුතු කළ මහාචාර්ය අම්බෙඩ්කාර් ගේ ජීවිත කතාව කියවීමෙන්ම කුල මතවාදය නිසා මිනිසුන් කොතරම් ශාරීරික සහ චිත්ත පීඩාවට පත්වේදැයි සිතා බලන්න. කොටින්ම එය මිනිස් ගුණධර්ම වලට නිගාවකි.

ලංකාවේ තත්වය මේ තරම්ම දරුණු නොවුවද කුල ගැටුම කොතරම්දැයි වටහාගැනීමට, මෙතරම් උතුම් හේතු ඵලවාදී දහමක් දෙසූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකු වූ බුදුන්ගේ සාසනයම කුල අනුව බෙදාගෙන අපවිත්‍ර කරගෙන ඇති ආකාරය දෙස බැලීමෙන්ම වටහාගත හැක.ගොයිගම, කරාව, දුරාව, රොඩී, පේඩි, බෙරවා, හකුරු, තුප්පහි ආදී මෙකී නොකී නම් වලින් බෙදී ලාංකිකයෝ තවත් කෙනෙකුට වඩා තමා උස් පහත් කොට පෙන්වීමට යත්න දරති.වාසනාවකට මෙන් වත්මන් පරපුර ක්‍රමයෙන් මෙම නිහීන සිතුවිල රටාවෙන් ඉවතට ගමන් කරමින් සිටියි.මේවා මෙසේ වීමට යම් හේතුවක් තිබිය යුතුය.

'යේ ධම්මා හේතුප්පබවා'

ගොවිතැන් බත් කළ අය රැකියාව අනුව ගොයිගම වූහ, හකුරු සෑදූ අය හකුරු වූහ, බෙර ගැසූ අය බෙරවා වූහ. එනම් රැකියා ස්වභාවය අනුව ඔවුහු බෙදුනහ. ක්‍රමයෙන් කල් ගතවත්ම ඔවුහු එම බෙදීම, එනම් කුල අනුව වරප්‍රසාද භුක්ති විඳීමටත් ඇතැම් අන් පාර්ශවයන්ගේ වරප්‍රසාද සීමා කිරීමටත් පටන්ගත්හ. ක්‍රමානුකූලව එම ක්‍රමය සමාජය වෙලාගත් පිලිලයක් බවට පත් විය.එය මිනිස් සමාජයම පෙළන සාධකයක් බවට පත් විය. ඉන්දියාවේ නම් තත්වය තාමත් එසේමය.ඇතැම් පහත් යැයි සැළකෙන කුල වල අයට පිරිසිඳු වතුර පොදක් වත් නෑමට තහනම් ය.රැකියා අනුව බෙදීමත් තමන් කරන දේ කිරීමට තවත් පිරිසකට නොහැකියයි පූර්ව නිගමන වලට එලඹි, උගත් එහෙත් බුද්ධිමත් නොවූ මිනිස්කමට නිගා ගෙනදෙන පිරිසක් විසින් සමාජ ක්‍රමය පවත්වාගෙන යාමත් නිසා මිනිස් සංහතියට වූ විපතක තරම ඉහත දැක්වූ කරුණු වලින්ම අවබෝධ වනවා ඇත.

මෙතරම් අටුවා ටීකා ටිප්පණි කියන්නට සිදු වූයේ මේ අද හටගෙන ඇති ධර්මතාව හේතු ඵල සහිතව වෙනස් ස්වරූප වලින් මීට පෙරද හටගෙන ඇතිබව ඒත්තු ගැන්වීමටය.

ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල දැමීමට එරෙහි විය යුතු හේතු ලෙස දැක්වෙන්නේ මොනවාද? එකක් නම් එවිට මුදලට උපාධි ගන්නට හැකිවනු ඇති බවයි. එනම් එය වරප්‍රසාද ලත් පන්තියකට සීමා වන බවයි. ඇයි එතකොට පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැමීමට විතරක් එරෙහි වෙන්නෙ? එතකොට පුද්ගලික ඉංජිනේරු විද්‍යාල? පුද්ගලික තොරතුරු තාක්ෂණ ආයතන?පුද්ගලික කලා විශ්වවිද්‍යාල?පුද්ගලික නීති පීඨ?පුද්ගලික ගණකාධිකාරී ආයතන? මේකෙන් කරුණු කීපයක් පේනවා.එකක් තමා මේ විරුද්ධවන පිරිස හිතනවා වෛද්‍ය වෘත්තිය අනෙක් ඒවට වඩා ලොකු එකක් කියලා.ඒකනෙ මේ වෙන හැන්දකින් බෙදාගන්න ඉල්ලන්නෙ.කෝ එතකොට සමානාත්මතාවය?ඇයි ඉංජිනේරුවො, ගනකාධිකාරයෝ මහන්සි වෙලා නෙවෙයිද ඉගෙනගෙන තියෙන්නෙ?ඒගෙල්ලො මොළේ අඩු නිසා නෙවෙයි ඒ අංශ තෝරගෙන තියෙන්නෙ.එහෙනම් ඒ ගොල්ලො ඇයි කෑ ගහන්නෙ නැත්තෙ?

එතකොට තව සමහරු කියනවා අනිත් ඒවා වගේ නෙවෙයිලු වෛද්‍ය විද්‍යාව.මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න් බෑලු.අනේ ඉතිං මේ විද්‍යාව අපිට ලැබිල තියෙන්නෙ කොහෙන්ද? බටහිරින් නේද? අපි මේ කාත් එක්කද සැසඳෙන්න හදන්නේ? ඇමරිකාව, එංගලන්තෙ, ප්‍රංශෙ, ජර්මනිය, රුසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තෙ, ජපානෙ වගෙ රටවල් එක්ක තමා නිතරම තරඟෙ.ඒ රටවල් වල ළදරු මරණ අනුපාතෙට කිට්ටුයිලු ලංකාවෙත් ගණං හිලවු.මාතෲ මරණ අනුපාතයත් ගොඩක් කිට්ටුලු. ජීවන අපේක්ෂාවත් එහෙමලු. ඒක නිසා ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයත් අර රටවල වගේම දියුණුලු.අනේ හොඳයි.හොඳට බලන්න. මෙන්න සාක්කි. මේ කියපු ඔක්කොම රටවල් වල සියට 95ක්ම උපාධි දෙන්නෙ සල්ලි වලට.සමහර රට වල ඉස්කෝලෙ යන කාලෙ කලා විශය හදාරලා විශ්වවිද්‍යාලෙදි ඕනෙ නම් වෛද්‍යවිද්‍යාව හදාරන්න පුළුවන්. ඔස්ට්‍රේලියාව, නවසීලන්තෙ එහෙම මේකට උදාහරණ.එහෙනම් ඔය කියන විදියට ඒ රටවල් වල මිනිස්සු බල්ලො වගෙ තැන තැන බේත් වැරදිලා මැරිලා වැටෙන්න එපැයි.වෙන එකක් ඕනෙ නෑ. ඉන්දියාවම බලන්න.සල්ලි දීල නෙමෙයිද ඉගෙනගන්නෙ?අපේ මිනිස්සු ඔය බුරුතු පිටින් එහෙනම් යන්නෙ ඇපලෝ එකට බයිපාස් කරගන්න.කෝ හෝ ගාල මැරෙනවද?පේනව නේද? මේ ගොඩක් ඒවා අර අපි පුංචි කාලෙ ඉස්කෝලෙ යනකොට කරපු රූප බලා කතා ගොඩනගනව වගේ ඒවා.මිනිස්සු ඔලමොට්ටලයො වගේ හොයන්නෙ බලන්නෙ නැතුව මේව විශ්වාස කරන එක තමා වරද?

තව සාක්ෂි තියනවා.දැං මේ දක්ෂ විදියට ඉගන ගත්ත කියමු.ඊට පස්සෙ විශේෂඥයො වෙන්න කොහේද යන්නෙ?වැඩිපුරම ඇමරිකාවට, එංගලන්තයට හෝ ඔස්ට්‍රේලියාවට. එතකොට මේවට ගිහිල්ලා කාගෙන්ද වැඩිදුර තමන් නොදන්න ඒවා ඉගන ගෙන එන්නෙ?අර සල්ලි දීලා උපාධි ගත්ත සමහරවිට ඉස්කෝලෙ යන කාලෙ කලා විෂය හදාරපු සුද්දන්ගෙං.එතකොට මේ කිසි ප්‍රශ්ණයක් නැද්ද?හම සුදු වුනාම මම හිතන්නෙ ඔක්කොම විසඳෙනව ඇති.ලංකාවෙදි එක ප්‍රතිපත්තියක්, පිට රටදි ඒ අයම තව විධියක්.ඉවසන්නම බැරි සම්පූර්ණ කතාවම මිනිස්සුන්ට කියන්නෙ නැතුව තමන්ට වාසි කෑලි කෑලි කියල ජනතාව, නොමග යවන්න පුළුවන් තරම් ගොන්නු කියල හිතන් ඉන්න බොරදියේ මාළු බාන තක්කඩියන්ව තමා.මට තේරිලා තියන විදියටනම් ලංකාවෙ මිනිස්සු එච්චර මෝඩ නෑ.ප්‍රශ්නෙ බහුතරයක් සම්පූර්ණ කතාවම දන්නෙ නැති එකයි.

හරි පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මේ නෑ කියමු. ඒත් බලන්න මිනිස්සුන්ගෙ කැත ගති. හැබැයි දොස්තරලා අතරත් සැබෑ මහත්මා ගුණ තියන දෙවිවරු ඉන්න බව අපි මතක තියාගන්න ඕනෙ. මේ කියන්නෙ ඒ ගොල්ලො ගැන නෙවෙයි. බහුතර අවස්ථාවාදියො ගැන.කොළඹ වෛද්‍ය පීඨයේ ගොඩාක් අය හිතන් ඉන්නෙ ඒගොල්ලො තමා මාරම කට්ටිය කියලා.මොකද ඒ ගොල්ලො තමා වැඩිම ලකුණු අරන් තියෙන්නෙ.ඒගොල්ලන්ගේ කෝස් එකත් අමාරුලු.ඒක නිසා ලකුණු ගන්නත් අමාරුලු.ජයවර්ධනපුර යන්න ඊට වඩා ලේසිලු.ඒගොල්ලන්ට ලකුණු ගන්නත් ලේසිලු.ඒක නිසා දුර පළාත් වලට පත්වීම් ලැබෙන්නෙත් නෑලු.රුහුණෙ, රජරට අය ගැන කතාකරන්නෙවත් නෑ.ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිලුනෙ.බලු වලිගෙ ඉතිං උණපුරුකෙ දාල තිබ්බත් කෙලිං වෙන්නෙ නෑනෙ.දොස්තර වෙන්න ගියත් ඉතිං කැත ගති අරින්න බෑ.පුද්ගලික වෛද්‍ය විද්‍යාල නොදැම්මත් මේ ගොල්ලන්ගේ බෙදිල්ල මේ කපේදි අරින්න බෑ.එකම විදියට තේරිලා ආපු අය අතරත් උහතෝකෝටික ප්‍රශ්න.බලමින් ලකුණු ගත ශිල්ප නොදෙමැයි කීවෙන් මහසත කියලා ගුත්තිලේ කවියක් තියෙන්නෙ.මේ කෑගහන වැඩි දෙනා දිහා බැලුවමත් මේක පේනවා.

මේ අහංකාරකම් වලට එක මූලික හේතුවක් තමා තමන්ගේ කොට්ඨාශය හැර අනෙක් අය පට්ටපල් මෝඩයෝ කියල හිතං ඉන්න එක. දොස්තර මහත්තයගෙන් නිකන් දීපු බේත් ගැන විස්තරයක් අහලා බලන්න. යක්කු වගේ ඇඟට කඩා පනිනව.බේත් ගන්න ගියාම දාස් ගණං කඩනවා.කියන ලෙඩේ අහන් ඉන්නෙත් නෑ.ලෙඩේ අහවල් එකද දන්නෙ නෑ කියලා බැරිවෙලාවත් කියවුනොත් 'කවුද දොස්තර? තමුසෙද? මමද?' කියලා අහනවා.රිපෝර්ට් එකක් පෙන්නන්න ගියාම ගෙවල නෙවෙයි නම් ගියේ පුදුම නුරුස්සන විදියට හැසිරෙන්නෙ.හරියට එයා නිවාඩු පාඩුවේ ඉන්නකොට අපි කරදර කරන්න ඇවිල්ල වගේ.එක ලෙඩෙක්ව විනාඩි 2ක්වත් බලන්නෙ නෑ.බැරි වෙලාවත් ලෙඩෙක් වැරදිලාවත් මළොත් බලන්න ඕනෙ තමන්ගෙ තමන්ගෙ අයව බේරගන්න දොස්තර මාෆියාව ක්‍රියාත්මකවෙන හැටි.මේ වගේ අඳබාල විදියට හැසිරෙන්නද මේගොල්ලන්ට මේ උගන්නන්නෙ.මෙහෙම හරක් හදපු එකට මුන්ට ඉගනගන්න ආදායම්බදු ගෙවපු අපිටයි තලන්න ඕනෙ.කරුණාකරලා දෙවිවරු වගේ දොස්තර මහත්තුරු මේකෙන් හිත් අමනාප කරගන්න එපා.ඒත් අපිට වඩා හොඳට ඔගොල්ලො දන්නවා ඇතිනෙ යාලුවන්ගේ හැටි. නේද?

ලංකාවේ දොස්තරලා ඉන්නේ 13000ක් විතරලු. 44000ක් විතර ඕනෙලු.මෙචචර ගානක් හදන්න අපිට බදු ගෙවන්න සිද්ධවුනොත් එහෙම අපේ මුළු පඩියම දෙන්න වෙයි.දොස්තරලත් කැමති නෑ කට්ටිය වැඩි වෙනවට. එතකොට ගරන්න බෑනෙ.ලෙඩ්ඩු බෙදිලා යනවා.ඉතිං මේගොල්ලො දොස්තරලා වැඩි කරනවට එරෙහිව රටේ ලෝකෙ නැති හේතු කියනවා.ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල වලට තෝරන්නෙ කෝටා ක්‍රමයට.ඒ 2යි බී 1ක් ගත්ත කොළඹ ළමයා ගෙදර ඉන්දැද්දි බී 2යි සී 1ක් ගත්ත ඈත ළමයෙක් වෛද්‍ය විද්‍යාලෙට ඇවිල්ලා පාස් වෙනවා. මේකෙන්ම තේරෙනව නේද දොස්තර වෙන්න නිකං අමුතුම පොරක් වෙන්න ඔන්නෙ නෑ කියලා. කැපවීම සහ උත්සාහය තියන කෙනෙක් ඒ ප්‍රවාහයට අහු වුනාම අන්තිමේදී ඕන කරන තැනට යනවා. ඒ ක්‍රමයේ වරදක් නෑ.ඒත් අපි ඇයි ඒකට බදු ගෙවන්නෙ?අපි හිතනව අර දුර බැහැර ළමයට සාධාරණයක් කරන්න. ඇයි එයාට සම්පත් අඩුවෙන් තිබිලනෙ එයා පාස් වුනේ.ඒත් එතනදි අර කොළඹ ළමයට ලොකු අසාධාරනයක් වෙනවා. ඒත් අපේ මානුෂික හැඟීම් නිසා අපි අර ගමේ ළමයට වැඩි අවස්ථාවක් දෙනවා.එතකොට ඒ ළමයා මොකද කරන්නේ?මිනිහා දොස්තර වෙලා, රටත් ගිහිල්ලා තවත් ඉගනගෙන, කසාදයක් එහෙම බැඳලා, හොඳ වාහනයක් අරන්, ලොකු ගෙයක් එහෙම හදලා, ළමයිවත් කොළඹ ලොකු ඉස්කෝල වලට දාලා, පුද්ගලිකවත් බේත් දීලා හොඳට ඉන්නවා.අපි ඒකටද කෝටා දැම්මේ.එතකොට අපි බදු ගෙවුවෙ ගමට ලැබෙන්න ඕනෙ දොස්තර මහත්තයව කොළඹ තියන්නද?සමහරවිට ඒ ගොල්ලෝ හිතනව ඇති අපිට මේවා තෙරෙන්නේ නෑ කියලා.සමහරු හිතන් ඉන්නේ නිදහස් අධ්‍යාපනේ නිකං ලැබෙනවා කියලා. ඒ ගොල්ලො හිතන් ඉන්නේ ඒක ඒගොල්ලන්ගේ අයිතිවාසි කමක් කියලා.හරියට නිකං අපි බදු ගෙවන්නෙ නෑ වගේ.යුතුකම්ගැන එහෙම හිතන්නෙම නෑ.

මම දන්න ෆාර්මසියුටිකල් බඩු විකුණන කෙනෙක් ඉන්නවා. හැම අවුරුද්ද අන්තිමේම ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ බේත් වෙළඳ නාමයෙන් විකුණන්න උදවු දෙන දොස්තරලගේ පවුල් පිටින් රට සවාරි එක්ක යනවා. ඒක තමා අල්ලස.නෝනා කියනවා ඇති ඔයා තව වැඩියෙන් ඒ බේතම ලියන්න කියලා.ඒ තියා සමහර දොස්තරලා ගෙවල් මාරු කරනකොට අර සේල්ස් රෙප්ට කතා කරලා කියනවා 'සනා බඩු ටික ඇදලා දෙන්න පුළුවන්ද?' කියලා.ලැජ්ජයි. අපි මහන්සිවෙලා වැඩකරලා බදු ගෙවන්නේ ඔය කියන විදියට මෙච්චරකල් තෝරගත්ත මිනිස්සුන්ට මේ වගේ කැතවැඩ කරන්න උගන්නන්නද?දොස්තරලගෙ හිතේ මේවා සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑ කියලා. වැරදියි. මිනිස්සු මේවා දන්නවා.කපන්න බැරි අත ඉඹිනවා ඇර වෙන මොනවා කරන්නද? ඉන්නේ ඔක්කොම ආණ්ඩුවේ කට්ටිය විතරනෙ.මේ වරප්‍රසාද සහ පුහු මාන්නය නැති වෙනවට තමා මේගොල්ලො භය.රජයේ වෛද්‍ය පීඨ වල ඔය කියන බුද්ධිමත් යැයි තෝරගත්ත අයට මේවද කියලා දෙන්නේ.අපිට කොලේ වහල වස ලියලා තියන පිච්චියටත් කෙළවන හැටි තමා කියලා දීලා තියෙන්නේ.කූඩැල්ලො මෙට්ටෙ තියන්න වියදම් කරන අසරණ බදු ගෙවන ජනතාව.මේගොල්ලන්ගේ කතාව නම් හැබැයි මේගොල්ලෝ ඔක්කෝම තනියෙන් කරගෙන අපි ගැන උපන් පහන් සංවේගයෙන් නිකාං බේත් කරනව වගේ.අපිනේ දන්නේ ගෑස්.


සමහර රටවල නීතිය අනුව දොස්තරලා එක රෝගියකු වෙනුවෙන් නිශ්චිත කාලයක් අනිවාර් යයෙන්ම වැය කළ යුතුයි.මෙහෙ වගේ හරක් බලනවා වගේ බේත් දෙන්න බෑ.ඊට අමතරව ලෙඩාට දීපු බෙහෙත් ගැන ඔහුව හෝ ඇයව අනිවාර් යයෙන්ම දැනුවත් කළ යුතුයි.පුදුමෙ නම් රට ගියාම අපේ අය මේ ඔක්කොම කරනවා.ඒත් මෙහෙ ආවම අමුතු කලාවක්.ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලත් කතාවක් තියනවනෙ.

ලංකාවේ දොස්තරලත් බලන්නේ අමුතු ගැට්ටක් ගහගෙන වරප්‍රසාද බලෙන් භුක්ති විඳින්න.පිටරටවල ඔක්කොම ක්ෂේත්‍ර සළකන්නෙ සමතැන් වල දාලා.මෙහෙ අයට ඉතරක් අමුතු ගායක්. මිනිස්සු දොස්තරලට දෙයියෝ වගේ සළකනවා නම් ඒක ඉබේ ලැබිය යුතුයි මිසක් බලෙන් ඉල්ලගන්න බෑ.කොහොමත් දැන් ගොඩාක් දොස්තරලා දෙකයි පණහේ වැඩ කරලා තත්වය බාල්දු කරගෙන තියෙන්නේ.ලෙඩ්ඩු ඇපේට තියලා වර්ජන කරලා දැන් ඒගොල්ලොත් බස් කාරයෝ ගාණට වැටිලා තියෙන්නෙ. තවටික කාලෙකින් මිනිස්සු දොස්තරලට ගහන්නත් පටන් ගනියි.දොස්තරලා ඒ වගේ අභාග්‍ය සම්පන්න තත්වයකට නොවැටෙන විදියට ගෞරවාන්විතව මිනිස්සු මෝඩයෝ කියලා හිතාගෙන කඩේ නොයවා ඉන්නවානම් තමා හොඳ.

ඇරත් ලංකාව අවුරුදු දහස් ගණනක දියුණු දේශීය වෛද්‍ය විද්‍යාවක් තිබෙන රටක්.ඒක පැවත ආවෙ විභාග මතින් නොවෙයිනෙ. ගොං මැට්ටෙක් නොවෙන උනන්දුව සහ කැපවීම තිබුනු අය ඒක මෙතෙක් කල් ඉදිරියට පවත්වාගෙන ඇවිත් තියනවා. අනෙක් අතට පුද්ගලික අංශය හොර පාරෙන් උපාධි ඩෙයි කියලත් කෑ ගහනවනෙ. දැන් එතකොට ඇමරිකාව, එංගලන්තෙ, චීනෙ, රුසියාව, ඔස්ට්‍රේලියාව, ජපානෙ වගෙ රටවල් වල උපාධි විස්වාස කරලා ඒ රටවල විශෙෂඥයො වෙන්න යන්න අපේ අය කැමතියි. එහෙම විශ්වාසයක් ඇති වුනේ කොහොමද?මතකයි නේද මේ රටවල් බොරු හේතු දක්වලා ඉරාකෙ, ඇෆ්ගනිස්ථානෙ වගේ රටවල් ආක්‍රමණය කලා.ඔය කියන රටවලත් හොරබොරු තියනවා.ඒවා ඔක්කොම ක්ෂේත්‍ර වලට එහෙමයි කියලා අපිට පේන කියන්න බෑ.අනෙක අපිත් දන්නවනෙ ලංකාවෙ විශ්වවිද්‍යාල ගැන.හොර මගෝඩි නෑ කියලා කාටවත් කියන්න පුලුවන්ද?සමහරු කතාවට කියන්නෙ මහන්සි වෙලා ගන්න ඔක්කොම හාන්සි වෙලාත් ගන්න පුලුවන් කියලා.ඔවගේ ලකුණු උඩ යට දාන හැටි බලා ගන්න තුබුණා ඔය ප්‍රශ්ණ පත්තරම වෙනත් විශ්වවිද්‍යාලෙකට යවලා පරීක්ෂා කළානම්. මේව ඉතිං දන්නෝ දනිති ඒවානේ.මේ සම්බන්ධව දීපු නඩු තීන්දුත් තියනවා.පොඩ්ඩක් හොයලා බලන්න.

මටනම් හිතෙන්නේ ලංකාවේ මිනිස්සු මේක ගැන මීට වඩා දැනුවත් වෙන්න ඕනෙ.මේ ඉතිං තොරතුරු යුගයනෙ.එතකොට අපිට ඇත්ත ඇති සැටියෙන් පෙනෙයි.යූ. එන්. පී. කාරයා කතා කරනකොට අපිට හිතෙනවා එයා තමා ඇත්ත කියන්නෙ කියලා.ශ්‍රී ලංකා කාරය කතා කරනකොටත් අපිට එහෙමම හිතෙනවා. ඒත් ඒ දෙන්නගේ කතාවේ එකතුව තාර බර ඇරලා ගත්හම තමා ඇත්ත කතාව ලැබෙන්නේ. හරියට සිරස නිවුස් සහ රූපවාහිනී නිවුස් වගේ. සිරස බැලුවම ලංකාව හරියට උගන්ඩාව වගේ.රූපවාහිනිය බැලුවම ලංකාව හරියට ස්විට්සර්ලන්තෙ වගේ.ඒ වුනාට ලංකාව ලංකාව වගේ කියලා අපි දන්නවනේ.ඒ නිසා අපේ අතේ තමා ඔක්කොම තියෙන්නෙ.අපි මැදහත්ව හොයල බලලා එක එක්කෙනාට අහු නොවී ඉන්න ඕනෙ මාතෘකාවක් මේක.බුදු හාමුදුරුවොත් කියලා තියනවනේ මධ්‍යම ප්‍රතිපදාව තමා හොඳම කියලා.

ලොවේ තවත් මෙවන් රටක් නැතේ…

මෑතක සිට මට හමු වූ බොහෝ දෙනෙකුට ලංකාව පිලිබඳ ප්‍රශ්නයක් ඇත.ඔව්හු යම් සම්පත් මද බවක් හෝ අකටයුත්තක් පිළිබඳව මැසිවිලි නගති. බොහෝ විට වාක්‍ය අවසන් වනුයේ පිටරටක ජීවත් වීමෙ වටිනාකම සහ එසේ සිටින කිහිපදෙනෙකුගෙ ලොකුකම් උජාරුවෙන් කියා පෑමෙනි.


ඇත්තටම ඔය කියන දේවල් එසේම සිදු වෙනවාද?


1970 ගනන් වල සිට ඇමරිකානු අධිරාජ්‍ය කරන සියලු දේවල් ලංකාවෙ මිනිසුන්ට හරි ය. ඒවා හරි වන්නේ එහි ගුණ නුගුණ මත නොව. ඒවා ඇමරිකාව විසින් ආරම්භ කිරීම පමණක්ම ඒවා හරි දේවල් වීමට සෑහේ. ඇමරිකානුවන්ට කිසිදෙයක් වරදින්නේ නැති බව බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ පිළිගැනීමයි. ඇත්තටම එය එසේ සිදුවෙනවාද?

මගේ මතය අනුවනම් ඇමරිකාවට වැරදුනු බොහෝ දේ ඇත. ද්‍රව්‍යමය වශයෙන් සැලකුවහොත් මගේ මතකයට නැගෙන අවස්ථා කීපයක් තිබේ. නාසා ආයතනය කොතරම් වාර ස්ංඛ්‍යාවක් අසාර්ථක ව්‍යපෘති නියැළුනාද යන්න සොයාබැලීම වටී.ඒ ඔවුනට හිමිවන ගෞරවයට නිගා කිරීමේ අරමුණින් නොව ඇති තතු නිවැරදිව වටහාගැනීමෙ පරම අවශ්‍යතාවය සඳහාම පමණි.


ඔය කියනතරම් පිට රටවල මිනිසුන් දියුණු නම් ඇමරිකාවේ ආර්ථික ක්‍රමය වැරදි බව ඔවුනට කල් ඇතිව නොතෙරුනේ ඇයි?බොරුවක් මවා පා මුලු ලොකෙටම එය බලෙන් පටවා දැං ඉතිං ආර්ථිකේ වැටුනෝ වැටුනෝ කියා කෑ ගසා ඵල නැත.මේ ලෝකය බොරු මාන වලින් මැනීම නවතා ඔවුනට ගැලපෙන මානයෙන් මැනිය යුතු හොඳම කාලයයි.


ඉරාකයට විරුද්ධව ඇරඹූ යුද්ධය සම්පූර්ණයෙන්ම අසාර්ථකය. ඇෆ්ගනිස්ථානයද වෙනසක් නැත. ඔතරම් තාක්ෂණය සහ දක්ෂතා තිබෙනවා යයි උදම් අනන ඇමරිකානු ආණ්ඩුවට හෝ හමුදාවට සාමාන්‍ය ජනතාවට හානි නොකර ත්‍රස්තවාදය මැඩපැවැත්වීම ඉතා අපහසු වී ඇති සෙයක් පෙනේ. අතින් ගත් කළ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සිටින්නේ ගව් ගණනක් ඉදිරියෙනි.රූපවාහිනී තිර වලින්, හොලිවුඩ් චිත්‍රපට සහ අනේකවිධ මාධ්‍ය භාවිත කරමින් තම රටේ කීර්තිඝෝෂය ලොවට කෑගසා ප්‍රකාශ කර අන් ජාතීන් බියට පත්ව තම රටට විරුද්ධ නොවෙතැයි සිතා සිටි ඇමරිකාවට ත්‍රස්තවාදීහු උඩින් පැමිණ ප්‍රහාර මාලාවක් එල්ල කළහ. ලංකාවේ බෝම්බ පුපුරණ නිසා කොළඹට නොයන්නැයි සිය රටවැසියන්ට උපදෙස් දුන් ඔවුන්ගේ ආණ්ඩුව මෙම ප්‍රහාරයෙන් වික්ෂිප්තව කළ හැක්කක් සිතාගත නොහැකිව අන්දමන්ද වූහ.තම රටේ වේවා, අන් රටක වේවා, ලංකාවට වඩා ඇමරිකාව හොඳ වන්නේ කෙසෙදැයි මටනම් නොවැටහේ.තම රටේ වේවා, අන් රටක වේවා, රාජ්‍ය ආරක්ෂාව අතින් ලංකාවට වඩා ඇමරිකාව හොඳ වන්නේ කෙසෙදැයි මටනම් නොවැටහේ. ඉරාකයේදී, ඇෆ්ගනිස්ථානයේදී මෙන්ම ඇමරිකාවේදීද ඔවුහු ලංකාවට වඩා අසාර්ථකය.


අපි ස්වාභාවික විපත් සළකමු. මෑතකදී කළු ඇමරිකානුවන් බහුතරය වූ නගරයකට ගංවතුර ගැලූ අවස්ථාවේ ඇමරිකානු ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය ලැජ්ජා සහගතය. විපතට පත්වූවන්ට ආධාර ඉතා ප්‍රමාද විය. හේතුව සොයන විට දැනගන්නට ලැබුනේ වර්ගවාදය පිළිබඳ කඹ ඇදිල්ලකි. බලා ඉන්නට බැරිම තැන පාරම්පරික සතුරෙකු වන කියුබාව දොස්තරලා එවන්නදැයි ඇසීය. සියළු ජීවීන් සමාන අයිතිවාසිකම් ඇතිව දෙවියන් විසින් මවන ලද බව පිළිගනිමු යයි ව්‍යවස්ථාව පවසන රටක සත්‍ය ස්වභාවය මෙයයි.ලංකාවේ සැළකියයුතු පිරිසක් වැඩිමනත් අවස්ථා වලදී උත්සාහ ගන්නේ අන්‍යන්ගේ කකුලෙන් ඇදීමටය. එහෙත් විපතකදී ඔවුනට වාද භේද නැත. ඔවුහු පුළුවන් උදවුවක් කරති. ලංකාවේ අපට ඇති ප්‍රශ්නය හොඳ ගති ගුණ හැංගිලා තිබීමය.


මානව වර්ගයාගේ ඉදිරි ගමන අර්ථවත් කරනු වස් ක්‍රියා කළ සහ ක්‍රියා කරන විශිෂ්ට අධ්‍යාපන ආයතන බොහෝ ගණනක් ඇමරිකාවේ ඇත. එහෙත් බහුතරයක් ආයතන මොනවා හෝ ටිකක ලොකු නමක් දමා උගන්වා කීයක් හරි කඩා ගන්නා ව්‍යාපාරික ස්ථානයන් වේ. ඇමරිකාවේ උපාධි ගන්නා ලංකාවේ සමහරුන්ට ඇමරිකාවේද ලංකාවේද රස්සාවල් නැත්තේ ඇයිදැයි සොයාබැලීමනම් ඉතා වටනේය.මිනිසකුගේ වටිනාකම ඇත්තේ ඉගනගත් පාසලේවත්, උපාධිය ගත් විශ්වවිද්‍යාලයේවත්, විශ්වවිද්‍යාලය තිබ්බ රටේවත්, වියදම් කළ ගණනේවත් නොව, ඔහුගේ දක්ෂතාවයේ සහ ගුණවත් බවේය.ඇමරිකාවේ සාක්ෂරතාවය ලංකාවට වඩානම් බොහෝ අඩුය. අපේ උසස් පෙළ ඔවුනගේ විශ්වවිද්‍යාල වල ප්‍රථම වසරට සමය. ඇමරිකානු ශිෂ්‍ය ගහණයෙන් අඩක්වත් උසස් පාසල් අධ්‍යාපනයට යොමු නොවෙති. මූලික හේතුව ආර්ථික ප්‍රශ්ණ විය යුතුය. 1 වසරේ සිට විශ්වවිද්‍යාලය දක්වා සතපහක් නොගෙන නිකං උගන්වන රටක් ගැන මම නම් තවත් අසා නැත.සියල්ල එසේ වූ පසුව නිදහස් අධ්‍යාපනය විසින්ම ඉහළ ඔසවා තැබූ යම් පිරිසක් මේ අධ්‍යාපන ක්‍රමය යල්පැන ඇතැයි කෑ ගසති.අපේ අධ්‍යාපන ක්‍රමය කොතරම් විචක්ෂණදැයි එයින්ම පෙනේ.තමන් උගත් ක්‍රමය විචාරය කිරීමට තරම් උගතුන් අපේ අධ්‍යාපන ක්‍රමය බිහිකර ඇත.එසේනුම් අපට වැරදුනේ කොතනද?අපි බහුතරය අඩුවෙන් මහන්සි වී වැඩියෙන් ඉපයීමට කැමතිය. කවුරු හෝ අපට ලොකු පඩියක් ගෙවනවාට අප කැමතිය. එහෙත් අලුත් යමක් කර හෝ කර ඇති දෙයක් වැඩිදියුණු කර නව මාවතක් සොයා යෑමට අප ගොඩ දෙනෙක් කම්මැලිය. අපේ ක්‍රමය වන්නේ එසේ කරන අයකු සොයාගෙන පිටරටකට හෝ ගොස් අයිනක් අල්ලාගෙන සිට ලොකු පඩිපතක් ලබාගෙන ලංකාවේ අරවා වැරදියි මේවා වැරදියි කියා කෑගසීමය.ලංකාවෙ තත්වය උසස් කිරීමට කෑගසන අය අඩුතරමින් උත්සාහයක්වත් නොගනිති.ඔවුන්ගේ ප්‍රධාන කර්තව්‍ය මෙහි සිටින අන්‍යන්ගේද මනස් අවුල් කර රට පැටවීමට උත්සාහ කිරීමය.අපට අවශ්‍ය වන්නේ වෙන මොකේවත් වෙනසක් නොවේ. වරද අපේ ආකල්ප වලය.


සෞඛ්‍ය සේවයද එසේමය. ලංකාවේ කොතරම් උසස් වෛද්‍ය පහසුකම් නොමිලේ ලැබේද?ඇමරිකාවේදීනම් වෛද්‍ය රක්ෂණය අවුල් වුවහොත් සිදුවන්නේ මහමග මියයාමටය.මා අසා ඇති ආකාරයට නම් සෞක්‍ය රක්ෂණයක් පවත්වාගෙන යාමද ලේසි නැත. ප්‍රාථමික අධ්‍යාපනයද එසේමය. පාසල් ගාස්තු ගෙවිමට අපහසුනම් නාම මාත්‍ර පාසල් වලට යැවීමට සිදු වේ. ඒවායේ ඔය මොනවා හෝ ටිකක් උගන්වයි. එම රටවල සියලු පාසල් එකම තත්ව පාළනයකට යටත්වන ස්වභාවයක් මම නම් නොදනිමි. ඉංග්‍රීසියෙන් කථාකිරීම ලංකාවේ බහුතරය සළකන්නේ වරප්‍රසාදයක් ලෙසය. ඇතැම් විට සමහර වරප්‍රසාද ලබීමට එකම සුදුසුකම ඉංග්‍රීසි වී ඇත. අහෙත් එම රටවල මවු භාෂාව ඉංග්‍රීසි නිසා හැමෝම ඉංග්‍රීසියෙන් කතා කරති. එය අපට ලොකු වුනාට ඔවුනට ලොකු නැත.


තුන්වන ලෝකයේ රටවල් වලින් යන මිනිසුන්ව ගොඩයන් ලෙස සැලකීමට ඇමරිකාවේ සහ යුරෝපයේ රටවල් වල සැළකියයුතු පිරිසක් පෙළඹී ඇත. ඒවාට ප්‍රතික්‍රියා කරන අපේ ඇතමුන් නැති මාන්නයක් මවා පෑමට උත්සාහ කරති. සමහරු ප්‍රචන්ඩත්වයට නැඹුරු වී ඇත. ඔවුහු ඕනෑම විටක ආරෝවකට සූදානම්‍ය. මේවාට පිළිතුරු ලෙස අපේ අපේ අයගේ සමාජ බිහිවී ඇත. ඇතැම් ඒව හොඳය. එහෙත් ඇතැම් ඒව ලිඳ ළඟ ස්ංගම්‍ය. දෙමවුපියන් දරුවන් පවුල් පිටින් අනෙක් පවුල් සමග සීතල යුද්ධ වල පැටලී ඇත. කපිලි කෙටිලි, පම්පෝරි වැහි වැහැලාය.


මේවා කෙසේ වෙතත් තරුණ තරුණියන් නම් රට යාමට බොහෝ කැමතිය. එකක් එය විලාසිතාවක් වීමය. අනෙක ලැබෙන නිදහසය. රට යෑමෙන් ඔවුනට පුදුම නිදහසක් ලැබේ. වැඩිහිටි කිසිවෙකුත් ඔවුනට නීති නොදමති. ඔවුනටත් ගෙවල් දොරවල් ගැන සොයා බලා දන්නා අඳුරන අයට මුහුණදීමේ වගකීමක් නැත. රට යන සියලු දෙනාට ඉබේ හරියනවා යයි ලංකාවේ අය සිතා සිටින නිසා ලංකාවෙ සිටින ඔවුන්ගේ ඥාතීන්ටද මුහුණදීමට පහසුය. ඔවුහු බහුතරය තමන් ලද අධ්‍යාපනයට කොහෙත්ම අදාල නොවන රැකියාවක් කර කීයක් හරි සොයාගෙන ජොලි කරති. ඔවුන්ද ඔවුන්ගේ ඥාතීන්ද ඒවාට සරිලන කතා ගොතාගෙන ඒවා හරි ලොකු වැඩ යයි අන්‍යන්ට හැඟෙන පරිදි කටයුතු කරති. මා දන්නා ඇතැම් රටගිය ඇත්තන්ට එහෙ සොයන මුදල් මදි වී මෙහෙනුත් තව යැවිය යුතුය. මෙහි පැමිණ අන්‍යන්ට මුහුනදීමට අපහසු නිසා ඔවුහු අමාරුවෙන් එහිම සිටිති. රට ගිය සියට 90වකම කතාව එසේය. ඉතුරු සියට 10 නම් හොඳින් සිටිති.පිට රට සිටින බොහෝ ලාංකිකයෝ මෙහි පැමිණ මෙහි සිටින අයෙකු සමග විවාපත්ව යළි රට යති. හේතුව සොයා බලන විට බොහෝවිට සිදුව ඇත්තේ එහෙ සිටින බහුතරය නන්න්ත්තාර වීමය.මෙහෙ අය ඒව නොදන්නා නිසා මෙහෙ විට ඔවුහු බෝධිසත්වයන් බවට පත් වේ.


කීයක් හරි සොයාගෙන ඒමට රට යෑම හෝ ආසවට රවුමක් ගසා ඒම හෝ සැබවින්ම පෞද්ගලික හෝ වෘත්තීය ඉදිරි ගමන වෙනුවෙන් රට යෑමේ නම් කිසිම වරදක් නැත. එසේ යන අය එම රටවල් දිවිය ලෝක සේ මවා නොදක්වති.ඇතැම් රටවල ලංකාවේ නැති බොහෝ හොඳ දේවල් ඇත. ඒවා ගැන කතා කරනවානම් එය වෙනම කළ යුතුය. ඇර ඔය කියනතරම් අවුලක් මටනම් ලංකාවේ නැත.ඇතැම් රටවල සීතල කාලයට ඇඳුමක්වත් වේලා ගැනීමට නොහැක. වැස්ස කාලෙට ගං වතුරය. පායනකොට ලැවුගිනිය.එක්කෝ භූමිකම්පාය.නැත්තම් නාය යාම් ය.කොතරම් පෑහෙන්නට උත්සාහ කළත් එක්කෝ දේශගුණය හරස්වේ. නැත්නම් සංස්කෘතිය හරස් වේ.ඇතැම්හු ජීවිතයෙන් අඩකටත් වඩා පෑහීමට උත්සාහ කර නොහැකි වූ කළ ජීවිතයේ සැඳෑ සමයේ නැවත මෙහි පැමිණෙති.හොඳට සිතා බලන්න. ඔබ එවැනි කීදෙනෙක් දන්නවාඩ කියා.එහෙත් තමන් පසුතැවෙන බව අන්‍යන්ට නොඇඟවීමට ඔවුහු වෙන කුමක් හෝ හේතුවක් කියා ලෙස්සා යති.මට නම් එවැනි අය ඕනෑතරම් හමු වී ඇත.


ලංකාවේ අත පය දිග හැර ජීවත් වූ ලක්ෂපතියෝද එංගලන්තයේ හුන්ඩු වගේ කාමර වල හිරවී අමාරුවෙන් දිවි ගෙවති.මිරිස් දමා කෑම පිසුවහොත් මිරිස් සැර ආවා යැයි අල්ලපු ගෙදර නිවැසියා නඩු දමයි. පොඩි එකා සද්දෙට ඇඩුවත් සිදුවන්නේ එයමය.ජපානයද එසේමය.ඔවුන්ගේ කාමරයකට වඩා අපේ නාන කාමරයද ලොකුය.ජීවිතය ගැටගසා ගැනීමට රස්සා 3ක් 4ක් කිරීමටද සිදු වේ.මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ ඇයි දැයි මටනම් නොවැටහේ.මටනම් සිතෙන්නේ පුහු මාන්නයට කියාය.රට සිට නිවාඩුවට මෙහි පැමිණි කීප දෙනෙක් මට හමුවිය.ඇමරිකාවට, යුරෝපයට හා ඔස්ට්‍රේලියාවට ගොස් ඔවුන් හරියට ඉතියොපියාවේ සිට ආවා සේ දිස් විය.


සිංගප්පූරුව වැනි ඇතැම් රට වල හැමෝටම වාහන මිල දී ගැනීම තහනම් ය.ඇතැම් රටවල පාරේ කතා කර කර සිටීම පවා තහනම් ය.අපේ අය ලෝකයේ ඔක්කොම රටවල හොඳ ටික එකතු කර ඒවා ඔක්කොම ලංකාවේ නැතැයි කෑගසති.ලංකාවේත් ගොඩාක් නරක් දේ ඇත.එය වෙනම කතාවකි. එහෙත් පිට රටව්ලුත් ඔය කියනතරම් ලස්සන නැත.


ඉස්කෝලෙ යන කාලෙ අපට යමක් සංසන්දනය කිරීමට උගන්වයි. එහෙත් බොහෝ දෙනෙකු පාසලින් අස්වූ පසු එම පාඩම අමතක කර ඇති බව පෙනේ.ඔවුහු කවුරුන් හෝ කී දෙයක් අසාගෙන ඒක හොඳයි කියමින් සිටිති.තමන්ම දෙයක් ගැඹුරින් සොයා බලා, සංසන්දනය කර අවබෝධ කරගැනීමට උත්සාහ නොකරති.කොලපාට කන්නාඩියක් දමාගෙන ලෝකය බැලූ විට සියලු දේ කොලපාටය.එහෙත් ඇත්තටම සියලු දේ කොලපාටද?කන්නාඩි ගලවා ලෝකය දැකීමට කාලයයි මේ.