0 people have left comments

Commentors on this Post-

යේසුස් ගව ලෙනක ඉපදී බිෂොප් මාළිගාවක ජීවත් වීම සහ බුදු පුතුන් ගිහිගෙය අත්හැර රන් පවුරු තැනීම...

ගොඩකාලෙක ඉදලා දැකපු දෙයක් කියාගන්න විදියක් නැතුව හිටියෙ. හැමෝම එහෙම නෑ. ඒත් බහුතරය මෙහෙමයි. හොද අයත් ඉන්නවා.

මෙවැනි දේවල් වලින් මෙලොව පරලොව දියුණුව පතන මිනිස්සුන්ට තියන වටිනාකම මටනමි එතරමි පැහැදිලි නෑ.මැදුමි පිළිවෙත නමි ඇත්තෙම නෑ. අධික සැප සමිපත් පරිහර
කරන පිළිවෙතක් තමා තියෙන්නේ. සියලු දේ මුදලින් මනින ලෝකයක ආගම දහම පිරිහීම පුදුමයකුත් නොවෙයි. ඒකත් තව වෙළදාමක් වෙලා.

මෙවන් අනුවණයෝ නිසා සැබෑ ආගමික නායකයින් වගේම සැබෑ සැදැහැවත් අනුගාමිකයෝ වල්මත් වෙලා පසුගාමී වෙනවා.යුක්තිය බලය වේ කිවුවට සමහර වෙලාවට බලය යුක්තිය වෙන බව තමා පේන්නේ. විකාර දකින සිහිබුද්ධිය ඇති මිනිස්සු තමන්ගේ විමුක්තිය තනිව සොයා යන්න පටන් ගන්නවා. හරියට යේසුස් සහ බුදු හාමුදුරුවෝ කළා වගේ.

ඇත්ත හැමදාම පවතිනවා. අවුරැදු දහස් ගණනකට වරක් කවුරුහරි ඒක දැකලා අවෙබෝධ කරගෙන අන් අය ගැන අනුකමිපාවෙන් සොයාගත් දේ බෙදා ගන්නවා. ටික කාලයක් යනකොට මිනිස්සුන්ට වැදගත් වෙන්නේ ඇත්ත නෙවෙයි, අපි කාගේ ගෝලයොද කියන එකයි. සාධකයත් අපේ ජීවිත වලට පුහු මාන්නය එකතු කරන තවත් එක සාධකයක් විතරක් බවට පත්වෙනවා. මේ දේ ඇත්ත කියල අපි ගොඩක් දෙනෙක් දන්නවා.ඒත් අපි ඒක පිළිගන්නේ නෑ.නිවැරදි පිළිවෙත් මත පිහිටා කටයුතු කරනවට වඩා අපි කැමතියි අපේ පුලුවන්කමි පෙන්නන්න. ඇත්ත ආයෙත් අදුරින් වැහිලා යනවා.මිනිස්සුන්ට බොරුව අවෙබෝධ වෙන්න තව අවුරුදු දාස් ගානක් යාවි.බොරුව තේරිලා ඇත්ත හොයාගන්නත් තවත් අවුරුදු දාස් ගානක් යාවි. අපිත් එච්චරකල් ඉපිද ඉපිද මැරෙයි. මොකද, අපිත් සියට 75ක් විතරම බොරැවට කැමතිය්නේ!


No comments:

Post a Comment